මෙම උපකරණය මගින් ඔබේ දරුවාගේ අධ්‍යාපන තත්ත්වය සහ ඔබ දරුවාගේ අධ්‍යාපනයට දක්වන සහභාගීත්වය මැනීමට උත්සාහ කරයි. පහත ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමෙන් පසු ලැබෙන වාර්තාව මගින් ඔබේ දරුවාගේ අධ්‍යාපන දියුණුව සඳහා අවශ්‍ය දිශානතිය සොයාගත හැකිය.
උපදෙස්: සෑම ප්‍රශ්නයකටම පහත ආකාරයට පිළිතුරු සපයන්න:
1. පුතා/දුව නිතිපතා නියමිත වේලාවට පාසල් යාමට සූදානම් වෙයි.
2. පුතා/දුව ගෙදර පැවරුම් නිසි ලෙස සම්පූර්ණ කරයි.
3. පුතා/දුව විභාග ප්‍රතිඵල ඔබ සමඟ සාකච්ඡා කරයි.
4. පුතාට/දුවට අමතර පොත්පත් කියවීමේ පුරුද්දක් ඇත.
5. පුතා/දුව පන්ති සටහන් ක්‍රමානුකූලව සකස් කරගෙන යයි.
6. පුතා/දුව ඔහුගේ/ඇයගේ අධ්‍යාපන අරමුණු සහ ඉලක්ක පිළිබඳව සැලසුම් කර ඇත.
7. පුතා/දුව තමන්ගේ අධ්‍යාපන දුර්වලතා පිළිබඳව දැනුවත්ව සිටී.
8. පුතා/දුව සිය අධ්‍යාපන කටයුතු සඳහා කාලය කළමනාකරණය කරගෙන යයි.
9. පුතා/දුව පංති කාමරයේ කටයුතු සඳහා සක්‍රියව සහභාගී වන බව පෙනී යයි.
10. පුතා/දුව තමන්ගේ ගුරුවරුන් සමඟ හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යයි.
11. පුතා/දුව තමන්ගේ අධ්‍යාපන ප්‍රගතිය පිළිබඳව සතුටින් කතා කරයි.
12. පුතා/දුව හදාරන විෂයයන් සම්බන්ධ ගැටළු විසඳාගැනීමට උනන්දුවක් දක්වයි.
13. පුතා/දුව තමන්ගේ විෂය සීමාවන් ඉක්මවා අමතර දැනුම සොයා යයි.
14. පුතා/දුව අන් අය සමඟ සහයෝගයෙන් කණ්ඩායම් ක්‍රියාකාරකම්වල යෙදෙයි.
15. පුතා/දුව තමන්ගේ ඉගෙනීමේ ශෛලියක් නිර්මාණය කරගෙන ඇත.
16. පුතා/දුව අඩු ලකුණු ලැබූ විට ඒවා වැඩිදියුණු කිරීමට උත්සාහ කරයි.
17. පුතා/දුව උසස් අධ්‍යාපනය පිළිබඳව උනන්දුවක් දක්වයි. ඒ පිළිබඳ තොරතුරු ගවේෂණය කරයි.
18. පුතා/දුව මුහුණ දීමට නියමිත විභාග සඳහා පූර්ව සැලසුම් සකස් කරයි.
19. පුතා/දුව නිර්මාණශීලී සිතීමේ හැකියාව පෙන්වයි.
20. පුතා/දුව පාසල් අතිරේක ක්‍රියාකාරකම්වල නිරත වෙයි.
21. පුතා/දුව පන්තියේ ප්‍රශ්න අසන්නට පසුබට නොවන බව පෙනෙයි.
22. පුතා/දුව විද්‍යුත් මාධ්‍ය (ඉන්ටර්නෙට්, අධ්‍යාපනික ඇප්) අධ්‍යාපනය සඳහා යොදා ගනී.
23. පුතා/දුව අධ්‍යාපනික අභියෝගවල දී නම්‍යශීලීව සහ ඉවසීමෙන් යුතුව කටයුතු කරයි.
24. පුතා/දුව තම අධ්‍යාපන ප්‍රගතිය සම්බන්ධයෙන් ස්වයං-ඇගයීමක් කර ගනියි.
25. පුතා/දුව තමන්ගේ අනාගත වෘත්තීය මාර්ගය සම්බන්ධයෙන් සැලසුම් කරයි.
26. මම දරුවාගේ පාසල් ප්‍රගතිය නිතිපතා සොයා බලමි.
27. මම දරුවාගේ ගෙදර පැවරුම් කිරීමට උදව් කරමි.
28. මම පාසල් රැස්වීම් සහ දෙමාපිය-ගුරු හමුවලට සහභාගී වෙමි.
29. රූපවාහිනී නැරඹීමට මාගේ ඇති කැමැත්ත වැනි ක්‍රියා පාලනය කරමින්/ කළමනාකරණය කරගනිමින් මම දරුවාගේ විභාග සූදානම සඳහා සහය වෙමි.
30. මම දරුවාගේ අධ්‍යාපනික ගැටළු විසඳීමට ළෙංගතු බවින් යුතුව හා සමීපව සහය වෙමි.
31. අවශ්‍යතා ඇති ඕනෑම විටෙක මම දරුවාගේ ගුරුවරුන් සමඟ සන්නිවේදනය කරමි.
32. මම රාත්‍රීයේ දී හෝ විවේක ඇති වේලාවට දරුවා සමඟ පාසලේ අද දිනය පිළිබඳව සාකච්ඡා කරමි.
33. මම දරුවාගේ අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් සපයමි.
34. මම දරුවා සමඟ අනාගත අධ්‍යාපනික ඉලක්ක පිළිබඳව සාකච්ඡා කරමි.
35. මම දරුවාගේ අධ්‍යාපනික ජයග්‍රහණ සමරමි.
36. මම දරුවාට අධ්‍යාපනික සම්පත් (පොත්, පුස්තකාල, අධ්‍යාපනික වීඩියෝ) ලබා දෙමි.
37. මට දරුවාගේ ඉගෙනුම් ශෛලිය පිළිබඳ අවබෝධයක් ඇත.
38. මම දරුවාගේ නිවැරදි අධ්‍යාපන දිශානතිය වෙනුවෙන් උපදෙස් ලබා දෙමි.
39. මම දරුවාගේ වෘත්තීය අනාගතය පිළිබඳව සාකච්ඡා කරමි.
40. මම දරුවාගේ අතිරේක පන්ති සඳහා සහාය වෙමි.
41. මම දරුවාගේ අධ්‍යාපනයට අවශ්‍ය කාලය ලබා දෙමි.
42. මම දරුවාගේ අධ්‍යාපන කටයුතු සඳහා නිවසේ සුදුසු පරිසරයක් සකස් කර ඇත.
43. මම දරුවාගේ අධ්‍යාපන ප්‍රගතිය වාර්තා කිරීමට නිසි ක්‍රමවේදයක් පවත්වාගෙන යමි.
44. මම දරුවාගේ අධ්‍යාපනය සම්බන්ධ ගුරුවරුන්ගේ ප්‍රතිපෝෂණවලට සවන් දෙමි.
45. මම දරුවාට අධ්‍යාපනික තීරණ ගැනීමේදී නිසි මග පෙන්වීම් ලබා දෙමි.
46. මම දරුවාගේ විශේෂ හැකියා හඳුනාගෙන ඒවා දියුණු කිරීමට උදව් කරමි.
47. මම දරුවාට පොත් කියවීමේ පුරුද්ද ඇති කිරීමට උත්සාහ කරමි.
48. මම දරුවාගේ තාක්ෂණික මාධ්‍ය භාවිතය අධීක්ෂණය කරමි.
49. මම දරුවාගේ අධ්‍යාපන දුෂ්කරතා හා පෞද්ගලික අභියෝග වල දී ඔහුට/ඇයට ළෙංගතුව, සමීපව මානසික සහයෝගය ලබා දෙමි.
50. මම දරුවා සමඟ අධ්‍යාපනයේ වටිනාකම පිළිබඳව කතා කරමි.